කඨින පිංකම - 2026.11.15 සිට 21 | කුරුවිට

PL000805

කුරුවිට | කඨින පින්කම්

ආනන්දබෝධි විහාරස්ථාන කඨින පින්කම 2026 නොවැම්බර් මස 15 වන දින සිට 21 වන දින දක්වා

කඨින චීවර පූජා පින්කමට සමගාමීව කරනු ලබන පින්කම් මාලාව
නොවැම්බර් 15 සවස 5.00 ට කාව්‍යමය ධර්ම දේශනාව දේශකයාණන් වහන්සේ - පල්ලෙපොල ශ්‍රී ජෛනාරාම ද්වීභාෂා මහා පිරිවෙන් ආචාර්ය, කුරුණෑගල විහාරවාසී, හරස්බැද්දේ සෝරත හිමි දායකත්වය - A.D.K ජයලත් මහතා ඇතුළු පවුලේ සැම

නොවැම්බර් 16 සවස 4.00 ට ධර්ම දේශනාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සභික කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ විභාග ලේකම්, විහාරාධිකාරී විහාරස්ථාන අධ්‍යක්ෂක, ශාස්ත්‍රවේදී පූජ්‍ය කන්තලේ විජිතවංශ හිමි දායකත්වය - සමරකෝන් මහතා ඇතුළු පවුලේ සැම

නොවැම්බර් 17 සවස 4.00 ට ධර්ම දේශනාව ආනන්දබෝධි විහාරස්ථාන විහාරාධිපති, පූජ්‍ය කුරුවිට සුමනරංසි හිමි දායකත්වය - N. ජයන්ත රණසිංහ ඇතුළු පවුලේ සැම

නොවැම්බර් 18 සවස 4.00 ට ධර්ම දේශනාව රත්නපුර සිරිවර්ධනාරාම පිරිවෙන් ආචාර්ය, සෙවනගල ආනන්දබෝධි විහාරාධිකාරී, පූජ්‍ය නෙල්ලියද්දේ සුමන හිමි දායකත්වය - ගුණවතී මහත්මිය ඇතුළු පවුලේ සැම

නොවැම්බර් 19 සවස 4.00 ට ධර්ම දේශනාව ඉංගිරිය පූර්වාරාම පුරාණ රාජමහා විහාරාධිකාරී, ගුරු උපදේශක, මිල්ලනිය වික්‍රමසිංහ පිරිවෙන් ආචාර්ය, පූජ්‍ය කොලොඹගේ ආරේ ශාන්ත හිමි දායකත්වය - අසෝකා ඇතුළු දායක සැම

නොවැම්බර් 20 සවස 7.00 ට ධර්ම දේශනාව නිකවැරටිය බිම්පොකුණ ශ්‍රී නිවේසනාරාම පිරිවෙන් ආචාර්ය, ශ්‍රී ලංකා විද්‍යාලංකාර පිරිවෙන් මහෝපාධ්‍යාය, පූජ්‍ය නිවුන්තගල්ලේ ධම්මරක්ඛිත හිමි දායකත්වය - ප්‍රසන්න මහතා සහ විජිත මුදලාලි

කඨින මහා පින්කමේ ප්‍රධාන දායකත්වය ඒ.ඩී.කේ. ජයලත් මහතාගේ පුත් හමුදා සේවයේ නියුතු ඒ.ඩී.කේ. සසංක ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලබයි.

2026 නොවැම්බර් 20 දින රාත්‍රී 9.00 ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මෙහෙයවනු ලබන්නේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන් උසස් අධ්‍යාපනය ලබන හැඳින්ගමුවේ රේවත හිමි

2026 නොවැම්බර් 21 දින අළුයම 2.00 ට කඨින චීවරය රැගත් පෙරහැර ඒ.ඩී.කේ. ජයලත් මහතාගේ නිවසේ සිට ගමටම ප්‍රදර්ශනයකර අළුයම 5.00 ට විහාරස්ථානයට පැමිණේ.

2026 නොවැම්බර් 21 දින දහවල 60 නමක් පමණ මහා සංඝ රත්නය වැඩමවා කඨින චීවරය සඟසතු කොට දාන මහා පින්කම පවත්වා අවසන් වේ.

මේ මහා පින්කම් මාලාවට සම්බන්ධ වී සගමොක් සුව සාදාගන්නා මෙන් කාරුණිකව දන්වමු...

Map location - https://maps.app.goo.gl/oi29cEZwT22CzYh67

(උපුටා ගැනීම Sri Ananda Bodhi Temple Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව - 2026.11.10 | යාගොඩමුල්ල ...

ධර්මදාන | යාගොඩමුල්ල

පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අති ගම්භීර පට්ඨානාභිවන්දනා ධර්ම දේශනාව යාගොඩමුල්ල ශ්‍රී ශෛලබිම්බාරාම සිරි සද්ධා...

Read More

පින්කම්

දානමය දායකත්වය - සුව මවු අරණ | පන්නිපිටිය

ආමිසදාන | පන්නිපිටිය

බුදු සසුනට තම කුසින් වැදූ දරුවන් පූජා කල මව්වරුන් ජීවිතයේ සැදෑසමය තුළ අසරණව සිටීනම් එවන් බුදු පුත් මව්වරුන් දිවි ඇති තෙක් රැකබලා ගැනීම පිණිසත්, වයෝවෘ...

Read More

පින්කම්

කඨින පිංකම - 2026.11.07 හා 08 | වැලිඔය

කඨින පින්කම් | වැලිඔය

මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ සපුමල්තැන්න ග්‍රාමයේ දී පිංවත් පූජ්‍යපාද බදුරලියේ ඛේමධම්ම ස්වාමින්වහන්සේගේ අවවාද අනුශාසනා මද්‍යයේ දායක පිංවතු...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.