කඨින පිංකම - 2026.11.13 හා 14 | හිබුටාන (කොළොන්නාව)

PL000800

කොළොන්නාව | කඨින පින්කම්

හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථ වාර්ෂික කඨින මහා පින්කම විහාරාධිපති, අතිපූජ්‍ය ඇල්වල බුද්ධසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි හිඹුටාන මොරගහ හන්දිය, අංක 344/A නිවසෙහි පදිංචි කුමුදුනී පුස්සැල්ලේ සහ එඩ්වඩ් මහත්මා හා දූ දරුවන්ගේ ප්‍රධානත්වයෙන් 2026 නොවැම්බර් මස 13 සිකුරාදා සහ 14 සෙනසුරාදා යන දෙදින සිදු කිරීමට නියමිත අතර, ඊට සමගාමීව සිදු කරනු ලබන පින්කම් මාලාව.

සියළු ධර්ම දේශනා රාත්‍රී 7.00 සිට 8.00 දක්වා
නොවැ. 06 සිකුරාදා පූජ්‍යපාද බෝගහපුර දේවමිත්ත හිමි
නොවැ. 07 සෙනසුරාදා පූජ්‍යපාද වාරියපොල සුමනරතන හිමි
නොවැ. 08 ඉරිදා පූජ්‍යපාද පැලැම්බුල්ලේ විපස්සි හිමි
නොවැ. 09 සඳුදා පූජ්‍යපාද පනාමුරේ මෛත්‍රී මූර්ති හිමි
නොවැ. 10 අඟහරුවාදා පූජ්‍යපාද මීරිපැන්නේ ධම්මික හිමි
නොවැ. 11 බදාදා පූජ්‍යපාද ඉහලගම අමිත හිමි
නොවැ. 12 බ්‍රහස්පතින්දා පූජ්‍යපාද කොබෙයිගනේ මෛත්‍රී මූර්ති හිමි
නොවැම්බර් 13 සිකුරාදා මල් පෙරහැර නො. 339, මහවත්ත පාර, හිඹුටාන පදිංචි අජිත් ප්‍රියන්ත මහතා සහ අනෝමා ප්‍රියන්ති මහත්මියගේ නිවසින් සවස 4.30ට පිටත්වේ.
කඨිනාශිංස ධර්ම දේශනාව නොවැ. 14 සෙනසුරාදා පූජ්‍යපාද පනහඩුවේ යසස්සි හිමි
නොවැම්බර් 13 වන සිකුරාදා දින සවස 6.00 ම අටවිසි බුද්ධ පූජාව සහ රාත්‍රී 9.30 ට මහා පිරිත් දේශනය පැවැත්වේ.
2026 නොවැම්බර් 14 වන සෙනසුරාදා දින අළුයම 2.30 ට කඨින චීවරය රැගත් පෙරහැර එම නිවසින් පිටත්වී උදෑසන 6.30 ව ගරුතර මහා සංඝරත්නය විෂයෙහි කඨින චීවර පූජාව සහ කප්රුක් පූජාව සහිත සඟසතු මහා දානය පිළිගැන්වීම. සුපින්වත් ඔබ සැමට ආරාධනා!

Map location - https://maps.app.goo.gl/2FJKwPZQkkfBLUma8

(උපුටා ගැනීම Uditha Wasana Facebook ගිනුමෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

බෝධී ප්‍රාකාරය ඉදිකිරීම | කෑගල්ල, මොළගොඩ

ඉදිකිරීම් | කෑගල්ල

මෙලොවදීම මහත්ඵල මහානිසංස ලැබෙන පිංකමක් 🙏 වසර 900 කට වඩා ඉපැරණි බෝධීන් වහන්සේ රැකගැනීම සඳහා පිංවත් ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි මේ... කෑගල්ල, මොළග...

Read More

පින්කම්

ශ්‍රී රාහුල මහා සෑය ඉදිකිරිම | ඇල්පිටිය

ඉදිකිරීම් | ඇල්පිටිය

විරාගී සිත් ඇති, හික්මීමෙන්, කීකරු කමින් අගපත් සොඳුරු බුදු පුතුන්ගේ සෑයේ කොටස්කරුවන් වෙමු...🙏🙏🌕🌕🌕 ඇල්පිටිය මහමෙව්නාව අසපු භූමයේ අභිනවයෙන් ඉදි...

Read More

පින්කම්

බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම | පාලුකඩවල

ඉදිකිරීම් | පාලුකඩවල

බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් පිංවත් ඔබටත් පුලුවන් ආකරයට දායක වෙන්න. දිස්ත්‍රික්කය - කුරුණෑගල ප්‍ර...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.