කඨින පිංකම - 2026.11.08 සිට14 | මහරගම (නාවින්න)

PL000803

මහරගම | කඨින පින්කම්

කඨින චීවර පුණ්‍ය මහෝත්සවය මහරගම, නාවින්න, රජමහා විහාරස්ථානයෙහි වාර්ෂිකව පවත්වනු ලබන වස්සාන මහා පින්කම් මාලාව 2026 නොවැම්බර් 14 වැනි සෙනසුරාදා දිනට පහන්වන අළුයම සිදුකෙරේ.
නොවැ 08 ධර්ම දේශනය (රාත්‍රී 7 ට) දේශකයාණෝ - ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනවාසී ගම්පහ මැක්සිඩැම්මුල්ල ශ්‍රී විද්‍යාලංකාර මහා පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රවේදී, අතිපූජ්‍ය දොඩම්පහල කුලසිරි ස්වාමීන් වහන්සේ දායකත්වය - චන්ද්‍රා පොඩිමැණිකේ මහත්මිය - සුවිරිත මාවත
නොවැ 09 ධර්ම දේශනය (රාත්‍රී 7 ට) දේශකයාණෝ - උඩුගම්මුල්ල ශ්‍රී පඤ්ඤාලෝදය මහා පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රපති, විචිත්‍ර ධර්ම දේශක, අතිපූජ්‍ය වල්ගම සුමන ස්වාමීන් වහන්සේ. දායකත්වය - ජගත් මෙන්ඩිස් මහතා, දිල්හානි මහත්මිය - පාසල් මාවත
නොවැ 10 ධර්ම දේශනය (රාත්‍රී 7 ට) දේශකයාණෝ - කුඹුක, සිරි වජිරඤාණ විහාරවාසී, විචිත්‍ර ධර්ම දේශක, අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ දායකත්වය - ධර්මසිරි පෙරේරා මහතා - පරණ පාර වත්තේ ගෙදර
නොවැ 11 ධර්ම දේශනය (රාත්‍රී 7 ට) දේශකයාණෝ - බොරැල්ල ගෝතමී බාලිකා විද්‍යාලීය ධර්මාචාර්ය, අතිපූජ්‍ය පානමයාගේ සුවර්ණ ස්වාමීන් වහන්සේ දායකත්වය - කල්‍යාණවතී මහත්මිය - රජමහා විහාර පාර
නොවැ 12 ධර්ම දේශනය (රාත්‍රී 7 ට) දේශකයාණෝ - රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, විචිත්‍ර ධර්ම දේශක අතිපූජ්‍ය නීනියාගල චන්දිම ස්වාමීන් වහන්සේ දායකත්වය - නාවින්න සමෘද්ධි සමිතිය
නොවැ 13 සවස 5.00 ට - කප්රුක් පූජාව රාත්‍රී 7.00 ට - මහාපිරිත් දේශනය සවස 6.30 ට - ගිලන්පස දානය නොවැ 14 අළුයම 1.00 ට - කඨින චීවරය රැගත් පෙරහැර පිටත්වීම. ජනතා පාර, අංක 27, පී.එච්.වී. පාලිත මහතා සහ කුමාරි විජේසුන්දර මහත්මියගේ නිවසින් උදෑසන 6.30 ට - කඨින චීවරය සහිත සඟ සතු මහා දානය

රාත්‍රී 7.00 ට - කඨිනාශිංස ධර්ම දේශනාව දේශකයාණෝ - නාවින්න, රජමහා විහාරවාසී, අතිපූජ්‍ය හැඳෙන්ද්‍රියේ රතනජෝති ස්වාමීන් වහන්සේ දායකත්වය - පී.එච්.වී. පාලිත මහතා සහ කුමාරි විජේසුන්දර මහත්මිය - ජනතා පාර වත්මන් මත්ද්‍රව්‍ය උවදුරෙන් බැටකන අපේ මතු පරපුර උදෙසා කෙරෙන මෙම උතුම් පුණ්‍ය කර්මයට සහභාගි වී ලෝකාර්ථ චර්යාවෙහි නිරත වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි ! උපසක උපාසිකා සමිතිය - දායක සභාව - රජමහා විහාරය

Map location - https://maps.app.goo.gl/5ZAsvj9ikB3xUpYw6

(උපුටා ගැනීම Nawinna Rajamaha Viharaya Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

කඨින පිංකම - 2026.11.14 සිට 17 දක්වා | යක්කලමුල්ල (හි...

කඨින පින්කම් | යක්කලමුල්ල

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය-2026 හිරියමල්කුඹුර ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය නොවැ: 14 අටවිසි බෝධි පූජාව ප.ව. 6.00 සිට නොවැ: 15 බෝධි පූ...

Read More

පින්කම්

ගල්ගමුව මුදියන්නෑගම සෙනසුනේ බුද්ධ මන්දිරය හා දාන ශාලාව...

ඉදිකිරීම් | ගල්ගමුව

දායකත්වය සදහා ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනය මහජන බැංකුව මීගලෑව 246200160032248 (උපුටා ගැනීම මුදියන්නෑගම සෙනසුන Facebook පිටුවෙනි)

Read More

පින්කම්

සම්බුද්ධ මන්දිරය ඉදිකිරීම | අනුරාධපුරය පලුගස්වැව

ඉදිකිරීම් | අනුරාධපුරය

අනුරාධපුරය පලුගස්වැව පෙරිමියන්කුලම නිබ්බාණ වන සේණාසනයේ මීට වසර දෙකකට ඉහත දී ආරම්භ කල පිවිසිමේ සම්බුද්ධ මන්දිරය ටික ටික ගොඩ නැගෙන අයුරු..උදව්,උපකාර කල...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.