රුවන්වැලි මහා සෑ අධිෂ්ඨාන පින්කම් මාලාව - 2026.05.29 | අනුරාධපුරය

PL000577

අනුරාධපුරය | පින්කම් මාලාව

අධිෂ්ඨානයේ බලයෙන් හෙළ දෙරණ අවදි කරමු!

වෙසක් පුන් පොහෝ දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රජුන් අභියසදී පැවැත්වෙන මෙම සුවිශේෂී පූජා මහෝත්සවය හුදු චාරිත්‍රයක් නොව, එය අපේ හෙළ උරුමයේ සහ ආධ්‍යාත්මික ශක්තියේ පුනරාගමනයයි.

"යුග පුරුෂයෙකු" යනු තමාගේ සිත ජයගත් අයෙකි. අප මෙහිදී අධිෂ්ඨාන කරන්නේ තමා තුළ සිටින ඒ ශක්තිමත් නායකයා අවදි කරමින්, දේශයේ ආරක්ෂාව සහ උන්නතිය උදෙසා අභීතව පෙරමුණ ගැනීමටයි.

දිනය: 2026 මැයි මස 29 වන දින (වෙසක් පෝය දින)

වේලාව: උදෑසන 6.00 සිට පෙරහැරකින් පූජාවන් ආරම්භ වේ

ස්ථානය: අනුරාධපුර රුවන්වැලි මහා සෑ රජුන් අභියස

පූජා මාලාව:

ශබ්ද පූජාව, සේසත් සහ මුර ආයුධ පූජාව

කිරි ආහාර, ධාන්‍ය, ඖෂධ සහ සුවඳ පූජාව

පස්තෙල් පූජාව, අධිෂ්ඨාන පූජාව සහ ධර්ම දේශනාව

මෙම උදාර පින්කම සඳහා සේසත්, මුර අවි, හෙළ ධාන්‍ය ඇතුළු පූජා භාණ්ඩවලින් හෝ මූල්‍යමය වශයෙන් දායක වීමට ඔබට හැකියාව පවතී.

විමසීම්:
📞 විශ්ව - 076 4050723
📞 වස්ඇප් - 076 6745054
📞 ශෙරින් - 071 4748215

අප සමඟ එක්වන්නට නොහැකි සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ පහන් පූජා ක්‍රමවේදයක් ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

(උපුටා ගැනීම තරූ සෙනෙවිරත්න Facebook ගිනුමෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ආමිස පුජා

සර්වරාත්‍රික බුදුගුණ වර්ණනාව - 2026.05.31 | මාතලේ

බුද්ධ පුජා | මාතලේ

සර්වරාත්‍රික බුදුගුණ වර්ණනාව මැයි 31 වන දින පූජ්‍ය කුමාරැල්ලේ පේමානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ වැඩසටන් පෙළගැස්ම රාත්‍රී 7....

Read More

ආමිස පුජා

ශ්‍රී සම්බෝධි ධාතු වන්දනා - 2026.05.30 සහ 31 | කොළඹ 07

ධාතු වන්දනා | කොළඹ

2570 වැනි වෛශාඛ්‍ය මංගල්‍යය වෙනුවෙන් පවත්වනු ලබන, ශ්‍රී සම්බෝධි ධාතු වන්දනා පුණ්‍ය මහෝත්සවය. මැයි මස 30 සහ 31 යන දිනයන් හිදී, උදෑසන 9.00 සිට රාත්‍...

Read More

ආමිස පුජා

ථූපාරාම සෑ වන්දනා - 2026.06.13 | අනුරාධපුරය

ස්ථූප පුජා | අනුරාධපුරය

ජූනි 13 සෙනසුරාදා ථූපාරාම සෑ රජුන් අභියස සිදුකෙරෙන අසිරිමත් චෛත්‍ය වන්දනා, සෑ වර්ණනා ධර්ම දේශනා ආදී පිංකම් මාලාව.... සවස 5 සිට රාත්‍රී 10 දක්වා. පි...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)