PL000556
අනුරාධපුරය | ආශීර්වාද පූජා
ධනය,බලය,කිසිවක් නැතුව මුලු ඇමරිකාවම "සාමය" කියන වචනයෙන් විතරක් සලිත කල "පඥ්ඥාකාර" ස්වාමින් වහන්සේ මේ මස 21 වන දින ලංකාවේ සාම පා ගමන අරඹනවා..
අතිගරු ජනාධිපති තුමන් ගේ පූර්ණ ආශිර්වාදයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙමෙ පා ගමන පැවැත්වීන අතිශයින්ම සුවිශේෂයි..
මෙහි සුවිශේෂම සිදුවීම තමයි ජනාධිපතුමා අතින් "ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක්" ස්වාමින්වහන්සේ ට පූජා කිරීමට සුදානම්ව තිබීම..
ඇමරිකාවට පූජා වෙන මෙම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නිල වශයෙන් රාජ්‍ය ත්‍රාන්තික කටයුත්තක් බවටද පත් වෙනවා..
ඒ නිසා බෝධින් වහන්සේ යනු හුදෙක් ගසක් නොව අතිශයින්ම පූජනීය වස්තුවක් බවට ලෝකයාම දැන ගන්නවා..ඒ වගේම බෝධි වන්දනාවද හුදෙක් ගස් ගල් වැඳීමක් නොව එය බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවක් බවද ලෝකයාට කියා දෙනවා..
පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු දොළොස් නමකින් යුත් මහා සංඝරත්නයකගේ මූලිකත්වයෙන් මෙම පාගමන දින හතක් පුරා පැවැත්වීමට නියමිතයි..
අප්‍රේල් 21 වැනිදා සාම පාගමන සඳහා පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් මෙරටට වැඩම කරන අතර, උන්වහන්සේලා පැමිණි පසු ප්‍රථමයෙන් අත්තනගල්ල රජමහා විහාරයට ගමන් කරන බවත්, ඉන්පසු දහවල් දානය වැළඳීමෙන් අනතුරුව අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසට ගමන් කරති.
ශ්‍රී මහා බෝධියේදී මහා සංඝරත්නයේ ආශිර්වාදය අනුව බෝධි අංකුරයක් ලබාගනිමින් පා ගමනින් රුවන්වැලි සෑය දක්වා ගමන් කර එහිදී පූජා විධි පවත්වා උත්සවයක් සංවිධානය කරමින් අනුරාධපුර ජනතාව ආමන්ත්‍රණය කර සාමයේ පණිවිඩය ලබා දීමට නියමිතය.
පාගමන -
අප්‍රේල් 21: අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසින් ආරම්භය.
අප්‍රේල් 22-23: දඹුල්ල හරහා මහනුවර දළදා සමිඳුන් අබියසට.
අප්‍රේල් 24-27: මාවනැල්ල, කෑගල්ල, යක්කල හරහා කැලණියට.
අප්‍රේල් 28: කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජාතික උත්සවය සහ සමාප්තිය
(උපුටා ගැනීම Sri Lanka Buddhist Facebook පිටුවෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.