ලේ දන්දීම - 2025.04.22 | මහරගම

PL000320

මහරගම | ලේ දන්දීම්

මිනිස් ජිවිතයක් බේරා ගැනීම සඳහා ශරීරයේ කොටසක් දන් දිය හැකිනම් එය අභය දානයකි, ජීවිත දානයකි. මිනිස් සිරුරේ දත්, අත්, පා වැනි කොටස් වර්තමානය වන විට කෘතිමව නිෂ්පාදනය කෙරේ. විද්‍යාව කොතරම් දියුණු වුවත් රුධිරය කෘතිමව නිෂ්පාදනය කල නොහැකිය. අන්‍ය සතුන්ගේ රුධිරය මිනිසාට දිය හැක්කේ ද නොවේ. එය තවත් මනුෂ්‍යයෙකුගෙන්ම ලබාගත යුතුය.

වර්තමානයේ අපට අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට, ලේ දන් දීමේ හැකියාව පවතී. රුධිරය අපගේ ශරීරයේ වැදගත් කොටසකි. තමන්ගේ යැයි කියනා විශේෂයෙන්ම ශරීරකොටසකට අපගේ දැඩි මමත්වයක් පවතී. එය මනුශය ස්වභාවයයි. ඒවා දන්දීමට අපහසුය. තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැති නොදන්නා මනුෂ්‍යයෙකුට රුධිරය දන් දීම ඊටත් වඩා අපහසුය.
මේ නිසා රුධිරය දන්දීම, දාන උප පාරමිතා ගනයට එන උදාර කුසලයකි.

මෙවැනි කුසල් ගැන අපට මහත්වූ ගෞරවයක්, ඕනෑකමක්, ශ්‍රද්ධාවක් ඇතිවෙන්නේ, විශේෂයෙන්ම බුදු හිමියන් දානයේ ආනිසංස මනාව දේශනා කොට, සිවුවනක් පිරිස පරිත්‍යාගයට, දිරි ගන්වා, බල ගන්වා, තෙද ගන්වා තිබෙන නිසාය. මෙවැනි සුභ මොහොතක් සසරේ දුර්ලභය. මිනිසත් බවක් ලැබීමත් දුර්ලභය.

⛑⛑මෙසේ යහපත් ආකල්ප වලින් යුතුව ලේ දන්දීමේ ආනිසංස පහත පරිදි වෙයි⛑⛑
⛑නීරෝගී ජීවිත ලැබීම.
⛑දීර්ඝායුෂ ලැබීම.
⛑ශරීර ශක්තිය ලැබීම .
⛑සසර ගමනේ විපත්වලදී පිහිටවන අය ලැබීම.

❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැල විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකමක් අප්‍රේල් මස 22 වෙනි දින උදෑසන 8.30 සිට ❛❛මහරගම අපේක්ශා රෝහලේදී❜❜ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, එම ලේ දන් දීමේ පිංකමට සමගාමීව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අසරණ රෝගීන් වෙනුවෙන් දෙලුම් පූජාවක් ද සිදු කෙරේ.
උත්සව සමය බැවින් වසරේ රුධිරය අවම ලෙස ලැබෙනුයේ අප්‍රේල් මාසය වන අතර එයිනුත් සති මැද දින රුධිර අවශ්‍යතාව අධික බැවින්, එම අවශ්‍යතාවයට යම් රුකුලක් වනු අදහසින් අප අප්‍රේල් 22 දින තෝරා ගන්නට විය.

රුධිර අවශ්‍යතාවය මත අවම පයින්ට් 100 ක් වත් අප විසින් ලබා දිය යුතු අතර ඔබ මෙම රුධිර දානය සිදු කිරීමට සම්බන්ධවන්නේ නම් ඔබගේ හිත මිතුරන් නෑ දෑයින් කැටුව මහරගම අපේක්ශා රෝහලට පැමිණෙනන ලෙස අප ආරාධනා කර සිටිමු.

⛑උපරිම වයස අවු 60 ට අඩු විය යුතුය,
⛑බර 50 kg වැඩි විය යුතුය
⛑අවසාන රුධිර දන්දීම සිදුජර මාස 4 ක් ඉක්මවිය යුතුය.
කරුණා සිත් පෙරදැරිව මේ ගිලානෝපස්ථාන පිංකමට සම්බන්ධ වන මෙන් බැති සිතින් ආරාධනා කර සිටිමු.

තෙරුවන් සරණයි !!!

(උපුටා ගැනීම ලේ දන් දීමේ වැඩසටහන් Facebook පිටුවෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

ලේ දන්දීම් / වෛද්‍ය සායන

දිනපතා ලේ දන්දීමේ කඳවුර - නාරාහේන්පිට

ලේ දන්දීම් | නාරාහේන්පිට

නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ඔබගේ වටිනා රුධිරය පරිත්‍යාග කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු ජාතික රුධිර මධ්‍යස්ථානයට හැමදාම උදේ 8 ...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.05.30 | බදුල්ල

ලේ දන්දීම් | බදුල්ල

2026 මැයි 30 වන සෙනසුරාදා දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා ස්ථානය - HNB බැංකුව බදුල්ල location - https://maps.app.goo.gl/ovzQRwZu3NYHxuW...

Read More

ලේ දන්දීම් / වෛද්‍ය සායන

ලේ දන්දීමේ පින්කම - 2026.06.06 | නාරාහේන්පිට

ලේ දන්දීම් | නාරාහේන්පිට

❤️ -Ananda'03 & Musaeus'03- ❤️ එකට එක්ව කරනු ලබන ලේ දන්දීමේ කඳවුර... ජූනි 06 දින, නාරාහේන්පිට රුධිර මධ්‍යස්ථානයේ පැවැත්වේ....!! 🙏🙏🙏🙏 ඔබ...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)